fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියානු සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රවර්ධන වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 14:49

ඉන්දියානු සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රවර්ධන වැඩසටහනක්

දින පහක් පුරා ඉන්දියාවේ ප්‍රධාන නගර ත්‍රිත්වයක (චෙන්නායි ,cochin හා බැංගලෝරයේ දී) පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැන්න අති සාර්ථක ලෙස cochin නගරයේ Le Meridian හෝටලයේ දී පැවැත් වුණා.

ඒ සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගි විය.

එහි දී සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් හා ලංකාවේ ආයතන හතලිහකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වු අතර ඔවුන් එක්ව ආයතන, ආයතන අතර ලංකාවේ සංචාරක කර්මාන්තය නගාසිටුවීම පිළිබඳව වු සාර්ථක සාකච්ඡා වාර ගණණනාවක් සිදු කර තිබේ.

එමෙන්ම වසරේ ඉදිරි මාස අටක කාලය සදහා ඉන්දියානු සංචාරකයන් වැඩි වශයෙන් අප රටට ගෙන්වා ගැනීම, ඔවුනට පහසුකම් සැපයීම, ආරක්ෂක විධිවිධාන හා ගමනාන්ත ආදිය පිළිබඳව පුළුල්ව අවධානය යොමු කර ඇත.

මේ සදහා ඉන්දියානු රජය නියොජනය කරමින් ඉහළ නිලධාරීන්, සංචාරක ක්ෂෙත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් සහ දකුණු ආසියානු කලාපීය සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ සභාපති තිසුම් ජයසූරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ගජබාහු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.​

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 14:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්