fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාප් වහන්සේ හංගේරියාවේ සංචාරයක

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 10:28

පාප් වහන්සේ හංගේරියාවේ සංචාරයක

ශුද්ධෝත්තම පාප් වහන්සේ දින තුනක සංචාරයක් සඳහා හංගේරියාව වෙත පැමිණියා.

වතිකානය සඳහන් කරන්නේ පාප් වහන්සේ හංගේරියාවේදී දේව මෙහෙයන් කිහිපයකටම සහභාගී වන බවයි.

හංගේරියාවේදී පාප්වහන්සේ දේව ගැතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගී වන උත්සවයකට සහභාගී අදහස් පල කිරීමට කටයුතු කළා.

එහිදී උන්වහන්සේ කියා සිටියේ යුරෝපයේ නැගී එන ජාතිකවාදය සම්බන්ධයෙන් තමන් සියලු රටවල්වලට අනතුරු අඟවන බවයි.

වෙනත් රටවල සිට දරිද්‍රතාවෙන් පෙලීම නිසා යුරෝපයට සංක්‍රමණය වන සංක්‍රමණිකයන් කරුණාවෙන් පිලිගත යුතු බව උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

යුක්‍රේන රුසියා යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාමය සඳහා උත්සාහ කරන ලෙසද පාප්වහන්සේ යුරෝපා රටවල් වෙත ආචායනයක් ද සිදු කළාත

යුක්‍රේන රුසියා යුද්ධය සම්බන්ධයෙන් හංගේරියාව රුසියාවට පක්ෂ මතයක් දැරීම පාප් වහන්සේගේ සංචාරයේ විශේෂ ඉලක්කයක් විය හැකි බව විදෙස් විශ්ලේෂකයන් පවසනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්