fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටුනායකට ආ ගුවන් යානය මත්තලට ගොඩබස්වයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 19:40

කටුනායකට ආ ගුවන් යානය මත්තලට ගොඩබස්වයි

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (28) පස්වරු 04.00 සිට ඇදහැලෙන තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා , කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි සිට අද දින පස්වරු 04.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණෙමින් තිබූ ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 ඩී 834 දරන ගුවන් යානය , මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 143 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි අතර ඔවුන් රැගත් මෙම ගුවන් යානය අද දින පස්වරු 05.00 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වූ බවට තමන් වෙත වාර්තා වූ සැනින් මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත යොමු කරන බව මත්තල ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 19:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්