ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ තුළ සහ ඒවායේ ගුවන් මෙහෙයුම් වල නිරත ගුවන් සමාගම් වෙත විශ්වසනීයව සහ සෞඛ්‍යාරක්ෂිතව ආහාරපාන සහ ඒ ආශ්රිත සේවා සැපයීම වෙනුවෙන් අවශ්‍ය ප්රමිතීන් සපුරා ඇති හෙයින් , ඒ සදහා අදාළ සේවා සැපයුම් බලපත්‍රය , ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට (Catering Service Providers Licence ) , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලන්කන් කේටරින් සමාගම වෙත කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ඔවුන්ගේ ශ්‍රවණාගාරයේ දී පිරිනැමීම 04/28 දින උදෑසන 10.00 ට පැවති උත්සවයකදී සිදු කෙරුණි .
මෙම බලපත්‍රය පිරිනැමීමේදී ශ්‍රී ලංකා කේටරින් සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය , එහි වැඩපිළිවෙළ , සමාගම සතු භෞතික සම්පත් , නිසි පුහුණුව සුදුසුකම් සහ අත්දැකීම් සහිත කාර්යය මණ්ඩලය , ගුවන් යානා මෙහෙයුම් සදහා අවශ්‍ය උපාංග , වෙනත් සේවා සැපයීම සදහා පවතින තාක්ෂණික සහ භෞතික හැකියාව වැනි කරුණු කෙරෙහි දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක් කර තිබේ .
මෙම බලපත්‍රය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත මහතා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ මහතා විසින් ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල වීරසේකර මහතා වෙත ප්රදානය කිරීම සිදු කෙරුණි .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ , ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සහ මෙම බලපත්‍රය ප්රදානය කිරීමට අදාළ විගනන කටයුතු කළ නිලධාරීන් සහභාගී වී සිටියහ .