ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබිම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රි ජේ ශ්රී රංගා මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.
රනිල් වික්රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස ශ්රී රංගා මහතා නම් කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්රකාශ කළා.
ඒ අනුව මැයි මස 3 වනදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොටුව මහේස්ත්රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ.
මේ වන විට රංගා මහතා වෙනත් නඩුවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
මෙම ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 23 දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.