ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට ඉන්ධන ආනයනය බෙදා හැරීම සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට සූදානම්ව සිටිනවා.
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ නිලධාරින් සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද පෙරවරුවේ පැවැත්වුණා. එම සමාගම මෙරට සේවා ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපාර බලපත්‍ර, ගිවිසුම්, රජයේ ප්‍රතිපත්ති , යටිතල පහසුකම් සහ ගිවිසුම් ගතවන දින ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එහිදී අදාළ සමාගමේ නිලධාරීන් පැවසුවේ මෙරට ව්‍යාපාර ආරම්භ කරන දින වකවානු පිළිබදව ලබන සතියේදී දැනුම් දෙන බවයි.