අඩු අදායම් ලබන ජනතාවට ලබාදෙන සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ සිදුකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මිට පෙර 16 වතාවක් IMF වෙත ගියත් මෙලෙස එම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ පළමු වතාව මෙය බවය. පසුගිය මාස 12 තුළ රාජ්‍ය සේවයේ කිසිවෙකුත් ඉවත් කර නොමැති බවත්, වැටුප් – විශ්‍රාම වැටුප් නවත්වා නොමැති බවත් අගමැතිවරයා සඳහන් කළේය. රජය ලෙස දේශපාලන සහ ආර්ථික ස්ථායිකරණය ඇතිකළ බවත්, ආර්ථිකය යළි පණ ගැන්වීමේ පදනමකට පැමිණ ඇති බවත්, පැවසූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අනිවාර්යයෙන් නාස්තිය හා දුෂණය නතර කළ යුතු බවත්, අවධාරණය කළේය. අපේ රටේ ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබා, රට අහරින් ස්වයංපෝෂිත කිරීමේ ක්‍රියාවලියට සහයෝගය දියයුතු බවත් ඔහු කියා සිටියේය.
මේ නිසා මේ ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කරුණු ඉදිරිපත් කළේ, ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුවේදී අද (28) දින එක්වෙමිනි.
සංචාරක ක්ෂේත්රයේ, විදේශ ප්‍රේෂණ ක්ෂේත්රයේ දියුණුවක් ඇති බව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ අගමැතිවරයා, බදු ආදායමද දෙගුණයක් කරගැනීමට හැකිවූ බවද පැවසිය. දේශපාලනයේ ඉදිරිය බලා කරන ප්රකාශයන්ට වඩා, පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයන් ගැන සිතා බලන ලෙස, ඔහු ඉල්ලා සිටියේය.