fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කරන්නාගොඩගේ ඇමරිකා තහනම ගැන රුසියාවෙන් දැඩි අප්‍රසාදය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 12:10

කරන්නාගොඩගේ ඇමරිකා තහනම ගැන රුසියාවෙන් දැඩි අප්‍රසාදය

වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ මහතා හා ඔහුගේ බිරිඳට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් එරට පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියා තානාපතිවරයා දැඩි අප්‍රසාදය පළ කරනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කරන්නේ කරන්නාගොඩ මහතා ඇමෙරිකාවට ඇතුළු වීමට නුසුදුස්සෙකු ලෙස නම් කිරීමට ගත් තීරණය ප්‍රතික්ෂේප කරන බවයි.

ඇමෙරිකාවේ ක්‍රියාත්මක විදේශ මෙහෙයුම් සඳහා අදාළ වැඩසටහන් විසර්ජන පනතට අනුව ඇමෙරිකාව මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඇමෙරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය අලි සබ්රි මහතා මෙරට ඇමෙරිකා තානාපතිනිය වෙත දැනුම් දී ඇත්තේ මෙය ප්‍රතික්ෂේප කළ යුතු තීරණයක් බවයි.

මේ අතර මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවාන් ජගාරියාන් මහතා ප්‍රකාශ කළේ බටහිර රටවල් වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමෙන් වැළකිය යුතු බවයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්