fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් මත්කුඩු සහ මුදල් සමඟ කොටු වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 09:50

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් මත්කුඩු සහ මුදල් සමඟ කොටු වෙයි

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව කියන කාන්තාවක මත්කුඩු සහ මුදල් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට විදෙස් ගතව සිට අපරාධ ජාලය මෙහෙයවන සුරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සුරංග යන අය සමඟ සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු බව කියන කාන්තාවකයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරකට අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ දී වැටලීම සිදු කෙරුණා.

එහිදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ උපයා ගන්නා ලද බව කියන රුපියල් පනස්දෙදහස් පන්සියක මුදලක් ද මත්ද්‍රව්‍ය ද සොයා ගැණුනා.

වැඩිදුර විමර්ෂණ සඳහා සැකකාරිය මට්ටක්කුලිය පොලිසියට භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්