fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්‍රේනයට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 10:03

යුක්‍රේනයට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

යුක්‍රේනයට රුසියාවෙන් ගුවන් ප්‍රහාර රැසක් එල්ල වී තිබෙනවා.

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක සහ නගර කිහිපයක පිපිරීම් වාර්තා වීමත් සමඟ කියෙව් අගනුවර ඇතුළුව යුක්රේනය පුරා ගුවන් ප්‍රහාර හේතුවෙන් නිකුත් කරන අනතුරු ඇගවීමේ සයිරන් නාද නිකුත් කර තිබෙනවා.

අද අළුයම කියෙව් අග නගරයට ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර එහිදී සිදු වු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර යුක්‍රේනයේ උමාන් නගරයට රුසියානු රූස් මිසයිල කිහිපයක් එල්ල වී තිබෙනවා.

එහිදී කාන්තාවක් සහ දරුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව යුක්‍රේනයේ මයිකෝලයිව් නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට රුසියාව විසින් මුහුදේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මිසයිල ප්‍රහාරයෙන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2023 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්