fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 15:52

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීති විරෝධි අයුරින් අනුරාධපුරයේ සිට පුත්තලම නාගවිල්ලුව දක්වා හොර රහසේ යතුරු පැදියකින් රැගෙන යමින් තිබු කේරළ ගංජා තොගයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 153 ප්‍රමාණයක් මෙසේ සොයා ගැනීමට පොලිසියට හැකිවුණා.

එමෙන්ම ගංජා තොගය රැගෙන යමින් සිටි සැකකරුවෙකු හා යතුරු පැදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි රාත්‍රී කාලයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකට අනුවයි කේරළ ගංජා තොගය හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අනුරාධපුරයේ සිට පුත්තලම නාගවිල්ලුව ප්‍ර දේශයට මෙම ගංජා තොගය ප්‍රවාහන කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්