fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 12:47

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි.

දිවා භෝජනය සඳහා අද දිනයේ තරගය නතර කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 489 ක් රැස්කරගෙන සිටිනවා.

නිශාන්ත මදුෂ්ක නොදැවී ලකුණු 202ක්  ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 160ක්  ද රැස්කරගෙන පන්දුවට පහරදෙනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉණිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 492ක් රැස්කළා.

අයර්ලන්ත පිතිකරුවන් දෙදෙනෙකු ශතක රැස්කර ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් බිදහෙළුවා.

පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ස්ථාවර මට්ටමට පත්ව සිටිනවා.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලකුණු 115කට දැවී ගියා.

දෙවන කඩුල්ල වෙනුවෙන් අගනා සබදතාවක් ගොඩනැගීමට නිශාන් මදුෂ්ක හා කුසල් මෙන්ඩිස් සමත් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 12:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්