fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර පළාත තුළ ඩෙංගු මර්දන වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 12:34

බස්නාහිර පළාත තුළ ඩෙංගු මර්දන වැඩසටහන් රැසක්

ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින ඩෙංගු අවදානම අවම කිරීම සඳහා බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඩෙංගු මර්දන සතිය තුළ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවෙනවා.

බස්නාහිර පළාත තුළ ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

අධි අවදානම් ග්‍රාම නිලධාරී කොට්ඨාස කෙරෙහි වැඩි අවදානය යොමු කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ ආරම්භ කළ අතර ලබන දෙවනදා දක්වා ඒවා ක්‍රියාත්මක කෙරෙනවා.

සමාරම්භක වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ජනතාවගේ සහාය උපරිමයෙන් හිමිවන්නේ නම් බස්නාහිර පළාත ඩෙංගු අවදානමෙන් නිදහස් කර ගන්නා බව එම පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මහතා පවසනවා.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ ප්‍රධාන ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පිළියන්දලදී ද වැඩසටහනක් ක්‍රියාත්මක කළා.

ඒ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , වෛද්‍ය දිනූෂා අඹගල මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි.

හදුනාගත් ඩෙංගු අවදානම සහිත ස්ථානවල හිමිකරුවන්ට මෙහිදී අවවාද කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 12:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්