fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF ණය ගැනීම පිළිබඳව අපි විරුද්ධ නැහැ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 09:56

IMF ණය ගැනීම පිළිබඳව අපි විරුද්ධ නැහැ

එක්සත් ජනතා සංධානයේ විශේෂ රැස්වීමක් ඊයේ ඩාලි පාරේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයේදී පැවැත්වුණා.
මේ සඳහා එක්සත් ජනතා සන්ධානයේ සාමාජිකයන් වන ඩලස් අලහප්පෙරුම වාසුදේව නානායක්කාර රතන හිමි ඩිලාන් පෙරේරා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් රැසක් මේ අවස්ථාවට එක් වුණා.
සවස 6:00 ට පමණ ආරම්භ වූ රැස්වීම රාත්‍රී 08:00 තෙක් පැවතුණා.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ.
මැතිවරණයට ඉදිරිපත් වූ රජයේ සේවකයන් සඳහා වැටුප් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවයි..
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා..
මැයි දිනය පැවැත්වීම පිළිබඳව අපි සාකච්ඡා කළා.
IMF  ණය ගැනීම් පිළිබඳව අපි විරුද්ධ නෑ .නමුත් ජනාධිපතිතුමා කියන්නේ ප්‍රශ්නයට උත්තරය තවත් ණය වීම බවයි ණය වලින් නොව ආධාරවලින් ප්‍රශ්න විසඳා ගත යුතුයි.
ප්‍රති ත්‍රස්ත පනතට අපි විරුද්ධයි ඒ ආවොත් කතා කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම වැළලී යනවා..
ගුරුවරුන්ගේ ඉල්ලීම් ගැන සලකා බැලිය යුතුයි නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දරුවන් ප්‍රාණ ඇපයට තබා නොගත යුතුයි ්‍යාපන ඇමතිතුමා ගත්ත ක්‍රියාමාර්ගය හොඳයි නමුත් ජනාධිපතිතුමා වළං කඩේට පැන්න ගොනා වගේ එය විනාශ කළා.
ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්