fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විනාඩියක ප්‍රමාදයක් නිසා බස්රථ 50ක් නවතා 2ක් රෝහලේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 08:29

විනාඩියක ප්‍රමාදයක් නිසා බස්රථ 50ක් නවතා 2ක් රෝහලේ

පෞද්ගලික බස් රථයක කණ්ඩායම්ක් දඹුල්ල ලංගම බස් ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු ට පහර දීමේ සිද්ධියක් මුල් කර ගනිමින් 27 දින දඹුල්ල බස් ඩිපෝවේ සියළු සේවකයන් අලුයම සිට බස් ධාවනයෙන් ඉවත්වී වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා.

නාඋල කොළඹ ධාවනය කරන දඹුල්ල බස් ඩිපෝවට අයත් බස් රථය දඹුල්ල බස් නැවතුම්පල සිට නවුල බලා ගමන් කිරීමට සූදානම් වෙද්දී දඹුල්ල නයා කුඹුර ධාවනය වන පෞද්ගලික බස් රථයක පුද්ගලයන් පස් දෙනෙකු පැමිණ බස් රථය විනාඩි ප්‍රමාද වූ බව ප්‍රකාශ කරමින් මෙම පහරදීම් සිදුකර ඇතැයි දඹුල්ල බස් ඩිපෝවේ
සේවකයෝ පවසනවා.

පහරකකෑමට ලක්වූ දඹුල්ල බස් ඩිපෝවේ කොන්දොස්තරවරයා වන සාගර සංජිව මහතා මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මෙම සිද්ධියට සාධාරණයක් ඉටුවනතුරු දඹුල්ල ඩිපෝවේ බස් රථ ධාවනය නවතා දමන බවයි ඔවුන් පවසන්නේ.

දඹුල්ල බස් ඩිපෝවේ කොන්දොස්තරවරයා පහර දුන් බව ප්‍රකාශ කරමින් දඹුල්ල නයාකුඹුරු බස්රථයේ සේවකයෙක් වූ අරුණ ප්‍රදීප් යන අයද දඹුල්ල රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි.

දඹුල්ල බස් ඩිපෝවෙන් දිනකට බස් බස්රථ 50 ක් ධාවනය වන අතර වැඩවර්ජනය හේතුවෙන් මගින් පාසල් සිසු සිසුවියන්ද ප්‍රවාහන පහසුකම් නොමැති නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව මගීන් ප්‍රකාඔශ කළා.

දඹුල්ල බස් ඩිපෝවේ සේවකයේවකයන් කියා සිටියේ නිරන්තරයෙන් රාජ්‍ය ආයතනයක් ලෙස පෞද්ගලික බස් කොන්දොස්තරවරුන් සහ බස් හිමිකරුවන්ගෙන් පහරකකෑමට සහ විවිද අඩම්තේට්ටම් වලට ලක්වීම සිදුවෙන නිසා මෙම සිද්ධිය පිළිබඳවද නිසි පරීක්ෂණයක් සිදුකොට පහරදදීම සිදුකළ පුද්ගලයන් පස් දෙනා අත්අඩංගුවට ගන්නා තුරු බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දමන බවය.

පහරකෑමට ලක්වූ දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දඹුල්ල බස් ඩිපෝවේ කොන්දොස්තර සාගර සංජීව මහතා කියා සිටියේ තමන් කොළඹ සිට දඹුල්ලට පැමිණ දඹුල්ලේ සිට නාවුල ගමනාන්තය දක්වා ගමන් කිරීම අතරතුර දඹුල්ල බස් නැවතුම්පොල අසලදී පුද්ගලයන් පස් දෙනෙකු පමණ පැමිණ තමාට දැඩි ලෙස පහර දී තිබෙන බවයි.

එමෙන්ම පහරදුන් බව කියන පෞද්ගලික බස් රථයේ සේවකයා වූ අරුණ ප්‍රදීප් යන අය රෝහලේ සිට කියා සිටියේ පළමුවෙන්ම ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා තමාට පහරදුන් බවය.

එම චෝදනාව බස් රථයේ කොන්දොස්තරවරයා ප්‍රතික්ෂේප කිරීම් විශේෂත්වයකි.

ලංගම බස් රථ රියදුරු දිලීප නුවන් මහතා කියා සිටියේ තමන් ගමන් වාරය වස්ථාවේ දී එක විනාඩියක ප්‍රමාදයක් සිදු වූ බවය.

එසේ සිදු වූයේ දුරබැහැර සිට තවත් බස් රථ දෙකකින් වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් සහ රාජ්‍ය ආයතනවල සේවකයින් වසර 25 ක පමණ
කාලයක සිට මෙම බස් රථය ඔවුන්ගේ ගමන් පහසුකම සපයන බවය.

එම නිසා එක විනාඩියක් තමාට බස් රථය ප්‍රමාද වූ බව පවසමින් එක වැරම පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් පැමිණ තම කොන්දොස්තර වරයාට අමානුෂික ලෙස පහරද දුන් බව ඔහු සඳහන් කළේය.

මෙම පහරදීම සිදුවන අවස්ථාවේ පොලිස් නිලධාරීන් ද සිටි බවත් තමන් බස් රථය රැගෙන පොලිසියට ගමන් කරද්දී පෞද්ගලික බස් රථය මගීන් පටවා පිටත් කර හැරීමට එහි සිටි පොලිස් නිලධාරීන් කටයුතු කළ බවද රියදුරු වරයා චෝදනා කරන්නට විය.

කෙසේ වෙතත් දඹුල්ල පොලීසිය කියා සිටියේ දෙපිරිස අතර ඇතිවූ මෙම ගැටුම්කාරී තත්වය පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබී ඇති බවත් පාර්ශව දෙකම රෝහල්ගත වී සිටින නිසා සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ය.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 08:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්