fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අජිත් රෝහණට දුන් ස්ථාන මාරුව අවලංගු කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 06:10

අජිත් රෝහණට දුන් ස්ථාන මාරුව අවලංගු කෙරේ

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට නැගෙනහිර පළාතට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර තිබෙනවා.
ඒ වෙනුවට ඔහු ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් මූලස්ථානය වෙතයි.

ජාතික පොලිස් කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදීයි එම තීරණය ගෙන තිබෙන්නේ.

තමන්ව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස  සිදුකළ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම  රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා කළ බවයි එම  කොමිසමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් එවූ එම ලිපිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කිරීමට එම කොමිසම තීරණය කර තිබෙනවා.

මේ අතර මධ්‍යම පළාතේ සිට අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කළ ප්‍රියන්ත වීරසූරිය ද ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කර තිබුණා.

එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් පැමිණිල්ලක් ඉදිරිපත්වී නොමැති බවයි ජාතික පොලිස් කොමිසමේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2023 06:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්