fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශවේන්ද්‍ර පිළිබඳව විමල් වීරවංශ කරන ලද ප්‍රකාශය අසත්‍යයි –  ආරක්ෂක අමාත්‍යාංශය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2023 17:44

ශවේන්ද්‍ර පිළිබඳව විමල් වීරවංශ කරන ලද ප්‍රකාශය අසත්‍යයි –  ආරක්ෂක අමාත්‍යාංශය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිබදව විමල් වීරවංශ මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශයක් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

2002 මැයි 9 වනදා ප්‍රථම අරගලය සිදු කළ බලවේග සිදු කිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනපති සහ හමුදා ප්‍රධානීන් ජනාධීපති මන්දිරය තුළ ඝාතනයට ලක් කිරීමට බවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේ ඉන්දීය සංචාරයකට සහභාගී වී සිටීම සැක සහිත බවත් විමල් වීරවංශ මහතාගේ කතාවක් උපුටා දක්වමින් රූපවාහිනී වැඩසටහනකදී නිවේදකයෙකු පවසා තිබුණා.

වීරවංශ මහතාගේ කෘතියක් එළිදැක්වීම සදහා ඊයේ පැවති උත්සවයකදි ඔහු සිදු කළ බව කියන මෙම ප්‍රකාශය අද දින රූපවාහිනී පත්තර වැඩසටහනකදීයි අදාළ නිවේදකයා උපුටා දක්වා තිබෙන්නේ.

මෙම ප්‍රකාශය පදනම් විරහිත බව පවසන ආරක්ෂක අමාත්‍යාංශය ශවේන්ද්‍ර සිල්වා මහතා එම අවස්ථාවේ ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටියේ එවකට ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය යටතේ බව අවධාරණය කරනවා.

ඒ කොළඹ ආරක්ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක රැස්වීමට සහභාගී වීම සදහා බවද එම නිවේදනයේ සදහන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2023 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්