නීතිඥවරුන් සේවා දායකයින් නියෝජනය කරමින් පොලිස් ස්ථානවලට පැමිණීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ පද්ධතියක්
Related Articles
නීතිඥවරුන් සේවා දායකයින් නියෝජනය කරමින් පොලිස් ස්ථානවලට පැමිණීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ පද්ධතියක් සකස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් ලබා දී තිබෙනවා.
නීතිඥවරුන් සිය සේවාදායකයින් නියෝජනය කිරීම සඳහා පොලිස් ස්ථානවලට පැමිණීමේදී පොලිස් නිලධාරීන් හා නීතිඥවරුන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නව මාර්ගෝපදේශ පද්ධතියක් සකස් කිරීමටයි මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ජනතා අදහස් හා සිවිල් ක්‍රියාකාරීන්ගේ අදහස් මෙන්ම යෝජනා ලබා ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් ලබා දි තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වූ අදහස් පොලිස් නීති කොට්ඨාසය අංක 234, වොක්ෂෝල්වීදිය, කොළඹ දෙක යන ලිපිනයට තැපැල් මගින් හා 0112 322 685 අංකයට ෆැක්ස් මගින් යොමු කළ හැකියි.
පොලිස් නීති කොට්ඨාසයේ විද්‍යුත් ලිපිනයටද එම යෝජනා යොමු කිරීමේ පහසුකම් සලසා ඇති බවයි පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.