අකුණු සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
Related Articles
මන්නාරම මඩු පොලිස් ස්ථානයේ කීරිසුඩ්ඩාන් ප්‍රදේශයේදී අකුණු සැර වැදීමක් හේතුවෙන් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
ඇය ගෙවත්ත පිරිසිදු කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී අකුණුසැර වැදීමක් සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී තිබෙනවා.
අකුණුසැර වැදීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් කාන්තාව මඩු ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගත්තද ඒ වනවිටත් කාන්තාව මිය ගොස් සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙලෙස අකුණුසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ කීරිසුඩ්ඩාන් ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පද්මනාදන් දෙයිවානෙ නැමති කාන්තාවකි.