අධිතාක්ෂණික භූමි අභ්‍යන්තර ස්කෑනර් යන්ත්‍රයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
නීති විරෝධිව මෙරටට ගෙන්න රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුතු අධිතාක්ෂණික භූමි අභ්‍යන්තර පරික්ෂා කරනු ලබන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ පුද්ගලයෙකු නවගමුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කදවුරේ විශේෂ වැටලීම් ඒකකයෙන් නිලධාරීන්ට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් තොරතුරකට අනුවයි.