fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටි IS නායකයා ඝාතනය කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2023 08:56

කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටි IS නායකයා ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටි අයි එස් නායකයා ඝාතනය කර තිබෙනවා.

2021 වසරේ කාබුල් ගුවන්තොටුපොළේ සිදු වූ විනාශකාරී බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ බවට සැළකෙන මහමොළකරු ඝාතනය කළ බව ඇෆ්ගනිස්තානයේ පාලක තලෙයිබාන් සංවිධානය පවසනවා.

සති කිහිපයකට පෙර ඔහු ඝාතනය කර ඇති අතර එය තහවුරු කර ඇත්තේ අද දිනයේදීයි.

කාබුල් ගුවන්තොටුපොළේ බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 170 දෙනෙකු සහ ඇමෙරිකා සෙබලු 13 දෙනෙකු මියගියා.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදා ගනිමින් එය එල්ල කර තිබුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2023 08:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්