සතුන්ට අසීමිතව ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය කිරීම අත්‍යවශ්‍යයි
Related Articles
පශු පාලනයේ දී සතුන්ට අසීමිතව ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය කිරීම අත්‍යවශ්‍ය බව පශු ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
එසේ නොකලහොත් රටේ ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝදතාවට මුහුණදීමට සිදුවන බවටයි එම අධිකාරිය අනතුරු අගවන්නේ.
පශු පාලනයේ දී සතුන්ට අසීමිතව ලබාදෙන ප්‍රතිජීවක පාලනය නොකළහොත් රටේ ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන බවයි පශු ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙන්නේ.
ගව / කුකුළු / ඌරු ආදී සතුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
බොහෝ අවස්ථාවල මිනිසාට ලබාදෙන්නේද එම ප්‍රතිජීවක ඖෂධයි.
මෙම සත්වයින්ගේ කිරි හා මස් අනුබව කිරීමෙන් ඔවුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නිතැතින්ම මිනිස් සිරුරට ඇතුළුවීමට ඉඩකඩ පවතිනවා.
එහෙයින් ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝදතාව හේතුවෙන් එම ප්‍රතිජීවක ඖෂධවල පවතින රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව අහිමිවී මිනිසුන් රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ ඉහළ යා හැකි බවයි පශු ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙන්නේ.
මෙම කාරණය සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස්කර තමන්ට ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු ඖෂධ පාලන අධිකාරියට උපදෙස් ලබාදුන්නා.
එමෙන්ම ඇතැම් පශූ ඖෂධ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය රට තුළ නිපදවාගතහැකි පහසුකම් තිබියදී ඒවා ආනයනයෙන් විශාල මුදලක් විදේශවලට ඇදීයාම වළක්වා ගැනීමට පියවර ගත යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.
දැනට රට තුළ එවැනි කර්මාන්ත 30ක් පමණ පවතින අතර ඉන් එම ද්‍රව්‍ය නිපදවීමට පියවර ගැනීම සදහා එම කර්මාන්ත ශාලා හිමියන් සමග සාකච්ඡා කිරීමට ද තීරණය වී තිබෙනවා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පශු ඖෂධ නියාමන අධිකාරිය හා එම පනත බලාත්මක කිරීම පිළිබද පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වුණා.