fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජූලි චන්ග් අනුරාධපුරයට

hasiniek
By hasiniek අප්‍රේල් 25, 2023 16:03

ජූලි චන්ග් අනුරාධපුරයට

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ රුවන්වැලි චෛත්‍ය වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

ඇමෙරිකා තානාපතිනිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑ චෛත්‍ය වැද පුදා ගැනීමෙන් පසු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ බැහැ දුටුවා.

තානාපතිනිය රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතල වැටුනු වැවේ ඤානතිලක ස්වාමින් වහන්සේ බැහැ දුටුවේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකාව තුළ ජාතීන් අතර කිසිදු ගැටුමක් නොමැති බව උන්වහන්සේ එහිදී අවධාරණය කළා.

ඇගලුම් ක්ෂේත්‍රයට පනවා ඇති බදු සදහා සහනයක් ලබා දීමට ඇමෙරිකා තානාපතිනියට මැදිහත්වන ලෙස ද පූජ්‍ය ඊතල වැටුනු වැවේ ඤානතිලක ස්වාමින් වහන්සේ දැනුම් දුන්නා.

hasiniek
By hasiniek අප්‍රේල් 25, 2023 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්