සිම්බාබ්වේ රාජ්‍යයේ අලුත් මුදල් ඒකකයක් ?
Related Articles
සිම්බාබ්වේ රාජ්‍ය ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වනවා.
සිම්බාබ්වේ ඩොලරය ස්ථාවර කිරීමේ අරමුණෙන් මෙම පියවර ගත් බවයි එරට මහ බැංකුව නිවේදනය කරන්නේ.
එරට මහ බැංකුවේ රන් සංචිත හරහා පිටුබලය ලබාදෙන ඉලෙට්‍රොනික මුදල් ඒකකයක් ලෙස මෙය ක්‍රියා කරනවා.
එමෙන්ම සිම්බාබ්වේ ඩොලරය නව ඩිජිටල් මුදල් ඒකකයට හුවමාරු කිරීමේ අවස්ථාවද එරට ජනතාවට හිමිවනවා.
මීට වසරකට පමණ පෙර ඇමෙරිකා ඩොලරයක් ලබා ගැනීමට සිම්බාබ්වේ ඩොලර් 150ක් පමණ ලබාදිය යුතු වූ අතර මේ වනවිට එම අගය දහසකට ආසන්න වනවා.
එබැවින් සිම්බාබ්වේ ඩොලරය ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙය සිදුකෙරෙනවා.