fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්ස්ප්‍රස් පර්ල් ගැන අපේ රටේ නඩු අහන්න – සජබ ඉල්ලයි

hasiniek
By hasiniek අප්‍රේල් 25, 2023 12:33

එක්ස්ප්‍රස් පර්ල් ගැන අපේ රටේ නඩු අහන්න – සජබ ඉල්ලයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධිය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක නඩු කටයුත්ත සිදුනොකිරීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණීල්ලක් භාරදුන්නා.

මෙරට දී එම නඩු කටයුත්ත සිදුනොකිරීම සහ මෙම සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්ව පිළිබද අවධානය යොමු නොකිරීම පිළිබද සොයා බලන ලෙසයි එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන්නේ.

තුෂාර ඉදුනිල් , කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුවන් මෙම පැමිණිල්ල භාරදීමට එක්ව සිටියා.

hasiniek
By hasiniek අප්‍රේල් 25, 2023 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්