fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයේ ත්‍රස්ත මර්දන කාර්යාලයක සිදුවූ පිපිරීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2023 10:09

පාකිස්තානයේ ත්‍රස්ත මර්දන කාර්යාලයක සිදුවූ පිපිරීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

වයඹදිග පාකිස්තානයේ ත්‍රස්ත මර්දන කාර්යාලයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ත්‍රස්ත මර්දන කාර්යාලයේ පිපිරීමට හේතුව එහි ආයුධ ගබඩාවේ සිදුවූ විදුලි කාන්දුවක් බව පොලීසිය සදහන් කරනවා. ප්‍රහාරයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් හමුව නොමැති බවයි වාර්තා වන්නේ. මියගිය පිරිස අතරෙන් බහුතරයක් පොලිස් නිලධාරීන් බවද සදහන්. එම ගොඩනැගිල්ල විනාශයට පත්ව ඇති අතර පුද්ගලයින් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් එල්ල කරන පාකිස්තාන තලේබාන් සංවිධානය එම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2023 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්