fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්ද හිමි නාමලේඛයනය සැකසීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2023 08:57

ඡන්ද හිමි නාමලේඛයනය සැකසීම ඇරඹෙයි

2023 ඡන්ද හිමි නාමලේඛන පිළියෙල කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

2023 වසරේ ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම සිදු කෙරෙන්නේ වාර්ෂිකව සිදුවන ක්‍රියාවලියක් ලෙසයි. ඡන්ද හිමි නාම ලේඛනයට අලුතින් නම් ඇතුලත් කිරීම මෙන්ම ඉවත් කිරීම පිළිබද පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන ලේඛණය සකස් කිරීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ ග්‍රාම නිලධාරීන් නිවෙස් කරා ගොස් තොරතුරු එක්රැස් කිරීම සිදු කරන බවයි. 2023 ඡන්ද හිමි නාමලේඛය සකස් කිරීමෙන් අනතුරුව එය ජනතාවට දැන ගැනීම සදහා මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කිරීම සිදුවනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2023 08:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්