fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේ

hasiniek
By hasiniek අප්‍රේල් 24, 2023 16:40

වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේ

ඉතිහාසයේ වැඩිම කොරියානු රැකියා කෝටාව මෙම වසරේදී ලබාගැනීමට හැකි වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ මේ වසර සඳහා කොරියානු රැකියා 6500 ක කෝටාවක් ලැබී ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේදී ධීවර අංශයේ රැකියා සඳහා 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගියා.

ඊට අමතරව හෙට දිනයේදී තවත් ශ්‍රමිකයින් 65 ක්ද අනිද්දා ශ්‍රමිකයින් 28 ක් කොරියාව බලා පිටත්ව යාමට නියමිත බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනය කළේ.

hasiniek
By hasiniek අප්‍රේල් 24, 2023 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්