fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙසක් සතියට සමගාමීව සතිමත් බව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2023 14:38

වෙසක් සතියට සමගාමීව සතිමත් බව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්

වෙසක් සතියට සමගාමීව සතිමත් බව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්වයි දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධාන කර තිබුණේ. සතිමත් දේශයක් කරා යන තේමාව යටතේ සතියක් පුරා මේ පිළිබද දහම්පාසල් දැනුවත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. බෝපිටිය සතිපාසලේ ප්‍රධාන භාවනා උපදේශක පූජ්‍ය අතුරුගිරියේ ධම්මජීව හා ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී යන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දැනුවත් කිරීමේ දේශනා පැවැත්වුනා. අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් දීපා ලියනගේ,  ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජීවන්ත සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2023 14:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්