ගාථාව වැරදුණු සාමනේර හිමිනමට හිමිවුණු ඉරණම
Related Articles
විවිධාකාරයෙන් හිංසාවලට ලක් වූ බව කියන කුඩා සාමනේර හිමිනමක තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර සිටිනවා. උන්වහන්සේගේ ශරීරය පුරාම තුවාල රැසක් තිබෙන ආකාරයයි දැකගත හැකි වන්නේ.
ගම්පොල පුස්සැල්ලාව පාර දෙක ප්‍රදේශයේ විහාරස්ථානයකදී මෙලෙස පහරකෑමකට ලක්ව ඇති හිමිනම 8 හැවිරිදි වියේ පසු වනවා. ගම්පොල අටබාගේ උඩගම ප්‍රදේශයේ පදිංචිව සිටි උන්වහන්සේ පැවිදි දිවියට එක්වී ඇත්තේ මීට වසර එකහමාරකට පෙරයි. බුද්ධ පූජාව තැබීමේදී ගාථා වරදිනවා යැයි පවසා තවත් හිමිවරුන් තුන් දෙනෙකු තමන්ට පහර දුන් බවයි මෙම කුඩා හිමිනම පවසන්නේ. නායක හිමියන් නොමැති අවස්ථාවල මෙසේ පහරකෑමට ලක්වන බවද උන්වහන්සේ පවසා තිබෙනවා.
මෙය සමේ රෝගී තත්ත්වයක් විය හැකි බැවින් ඊට ප්‍රතිකාර ලබාදිය යුතු බව බව නායක හිමියන් ප්‍රකාශ කළ බවයි මෙම සාමනේර හිමිනමගේ පියා පවසන්නේ. මේ පිළිබද ගම්පොල රෝහල් පොලීසියට ඔහු පැමිණිලි කර තිබෙනවා.