fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හම්බන්තොට මුහුදේ භූ කම්පනයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2023 06:49

හම්බන්තොට මුහුදේ භූ කම්පනයක්

හම්බන්තොට මුහුදු සීමාවේ අද අළුයම රිච්ටර් පරිමාණ ඒකක 4.4ක භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

හම්බන්තොට මුහුදු සීමාව තුළ භූ කම්පන තත්ත්වයක් අද අළුයම් කාලයේ සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රී 12.40ට පමණ තමන්ට එම භූ කම්පනය දැනුනු බව හම්බන්තොට සහ අම්බලන්තොට ප්‍රදේශවල ජනතාවට පවසනවා. නිවෙස් වල දොර ජනෙල් සෙලවුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

හම්බන්තොට මූලස්ථාන පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ රාත්‍රීයේ රාජකාරීයේ යෙදී සිටිය දී මෙම භූ චලනය සිදු වු බව තමන්ට දැනුනු බවයි. තප්පර කිහිපයක් පමණ අධික ශබ්දයක් පැවති බව ද ජනතාව පවසනවා.

හම්බන්තොට මුහුදු සීමාවේ සිදුව ඇති භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අවධානමක් නැති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

මොණරාගල සහ බුත්තල ප්‍රදේශ ආශ්‍රිතව මීට පෙර භූ කම්පන තත්ත්ව වාර්තා වුණා. ඒවා අවධානම් තත්ත්වයේ භූ කම්පන නොවන බවටයි කාලගුණ අංශ තහවුරු කලේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2023 06:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්