fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෙජී රණතුංග 86 වන ජන්ම දින සැමරුම

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2023 18:39

රෙජී රණතුංග 86 වන ජන්ම දින සැමරුම

හිටපු අමාත්‍යවරයෙකු වන දිවංගත රෙජී රණතුංග මහතාගේ 86 වන ඡන්ම දිනය වෙනුවෙන් උත්සවයක් ගම්පහ උඩුගම්පලදී පැවැත්වුණා.

උඩුගම්පල පිහිටි රෙජී රණතුංග මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ඡන්ම දින සැමරුම් උත්සවය පැවැත්වුණා. එහි සමරු දේශනය පැවැත්වූයේ අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත පූජ්‍ය කොබ්බෑගල මේධානන්ද ස්වාමීන් වහන්සේයි. රෙජී රණතුංග මහතා ගමේ දේශපාලනයේ දැවැන්ත චරිතයක් බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුදැරියන් 30 දෙනෙකුට රුපියල් ලක්ෂ 3ක් වටිනා පාසල් උපකරණ,  පවුල් 10කට රුපියල් ලක්ෂ 10ක් වටිනා සෙවන නිවාස ආධාර ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ද මෙහිදී ක්‍රියාත්මක කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2023 18:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්