fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොලර්වලට විකුණන්න යන අක්කර 25ක දූපත

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2023 15:46

ඩොලර්වලට විකුණන්න යන අක්කර 25ක දූපත

ස්කොට්ලන්තයේ දකුණු වෙරළ තීරයේ පිහිටි දූපතක් ඩොලර් 190,000 කට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

පොකුණකින් සමන්විත මෙම දූපත ජනාවාස රහිත දූපතක් වන අතර ශීත කාලයේදී සත්ව විශේෂ සඳහා ජලය සපයන දූපතකි.

අක්කර 25 ක පමණ විශාලත්වයකින් යුත් එම දූපත, මුහුද දක්වා විහිදෙන තණකොළවලින් සහ හරිත පාෂාණවලින් සමන්විත වේ.

විශාලතම මුහුදු පක්ෂි ගහණයෙන් ද එය යුක්ත වන අතර දැනට එම දූපතේ ගොඩනැගිලි නොමැත.

එම දූපතෙහි ඉදිකිරීම් සඳහා පවතින අවස්ථා පිළිබඳව දේශීය සැලසුම් අධිකාරිය සමඟ සාකච්ඡා කරන ලෙස ගැනුම්කරුට උපදෙස් ලබා දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2023 15:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්