අපි ගුටි කෑවා තමයි – හැබැයි අපි බයේ හැංගුනේ නෑ
Related Articles
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දුර්වල කළ නොහැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
එම පෙරමුණේ කෝට්ටේ ආසන සමුළුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර විතානගේ මහතා කොට්ටේ ආසන සමුළුව සංවිධාන කර තිබුණා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් වන නාමල් රාජපක්ෂ , සංජීව එදිරිමාන්න, ඩී. වීරසිංහ ,ප්‍රදීප් උදුගොඩ ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසන් එක්ව සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඩුවෙල ආසන බලමණ්ඩල රැස්වීම කඩුවෙල මහනගර සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.
පොදුජන පෙරමුණේ රත්තොට ආසන බලමණ්ඩලය පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
පොදුජන පෙරමුණේ කඹුරුපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අකුරුගොඩ ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
කඹුරුපිටිය ආසන සංවිධායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ බලමණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය පොදුජන පෙමුණේ මාතර දිස්ත්‍රික් නායක කංචන විජේසේකර මහතා එම රැස්වීම සංවිධාන කර තිබුණා.