ඩෙල්ෆ් දූපතේ පස් පුද්ගල ඝාතනයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ නිවසක් තුළ පස් දෙනෙකු තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොමුකර තිබෙනවා.
පුද්ගලයින් රැසකගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරුණු අතර 51 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ඩෙල්ෆ් පොලීසිය ප්‍රකාශ කළා.
පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් 3 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී අදාල නිවස තුළම ඝාතනය කර තිබුණා.
බරපතල තත්ත්වයේ පසුවූ කාන්තාවක ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.
අසල්වැසියෙකු මියගිය අයෙකුට දුරකතන ඇමතුමක් ලබාගත් අවස්ථාවේ ඊට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නිවසට ගොස් පරීක්ෂා කිරීමේ දීයි ඝාතන පිළිබද හෙළිවී තිබුණේ.
මෙම සිද්ධියේ දී බරපතල තුවාල ලැබූ අවුරුදු 100ක් පමණ වයසැති කාන්තාවක යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර මේ වනවිටත් සැක සහිත පුද්ගලයින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම ඝාතනයත් සමඟ නෙදුන්කර්නි ප්‍ර දේශයේ ජනතාව අතර දැඩි භීතියක් හටගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.
ඝාතකයින් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් විරෝධතාවක් ද සංවිධානකර තිබුණා.
සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් පසු සිරුරු ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.