දකුණු ආසියාවේ විශාලතම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කෙරේ
Related Articles
දකුණු ආසියාවේ විශාලතම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
කොළඹ වරාය තුළ ඉදි කෙරෙන දකුණු ආසියාවේ විශාලතම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු කෙරුණේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේදීයී.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,චයිනා මර්චන්ට් පෝර්ට් ගෝල්ඩිං සමාගමේ සභාපති මියාඕ ජිඇන්මින් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදු වූ අතර එම අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මීටර් 92 ක් උසින් හා මහල් 8 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විතයි.
මෙම මධ්‍යස්ථානය වරාය පරිශ්‍රයේ ඉදිකෙරෙන බැවින් විනාඩි 30 ක් වැනි කෙටි කාලයක් තුළ වරායේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වාත්, ගුවන් තොටුපල සිට වරාය දක්වාත් බහාලු ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා.
මෙහි ඉදිකිරීම් සඳහා වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 400 ක්.
රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් ලෙසයි එය ක්‍රියාත්මක වන්නේ.