fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම හරහා දිවීමේ තරගයක තරගකරුවන්ට සහාය දැක්වීමට දිව යමින් සිටි දරුවෙකු මියයයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2023 11:46

ගම හරහා දිවීමේ තරගයක තරගකරුවන්ට සහාය දැක්වීමට දිව යමින් සිටි දරුවෙකු මියයයි

අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයේ  තරගකරුවන්ට සහාය දැක්වීම සඳහා දිව යමින් සිටි අවුරුදු 10ක් වයසැති දරුවෙකු මියයාමේ සිදුවීමක් අනුරාධපුර ගල්කිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ගල්කිරියාගම කුඩාහෙට්ටියාව ප්‍රදේශයේ පොදු ක්‍රීඩාංගනයේ මෙම අවුරුදු උත්සවය පැවැත්වුණා.

එහි මැරතන් ධාවන තරගයට සහභාගි වූවන්ට සහාය දැක්වීම සඳහා මෙම දරුවා ද ඔවුන් පසු පසින් දිවගොස් තිබෙනවා.

මෙම දරුවාගේ 15 හැවිරිදි සහෝදරයා සහ හිතවතුන් මෙම තරගයට සහභාගිවී සිටියා.

කිලෝමීටර් 4ක දුරක් ගම හරහා දිවීමේ තරගයට නියම කර තිබූ අතර තරගයේ අඩක් නිමකර තරගකරුවන් පලාගල ප්‍රදේශයට ලගාවත්ම ඔවුන් සමඟ පැමිණි මෙම දරුවා හදිසියේම බිම ඇදවැටී තිබෙනවා.

එහිදී දරුවා කලාවැව ග්‍රාමීය රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගිය බවටයි වාර්තා වුණේ.

මෙලෙස මියගියේ පලාගල මහා විද්‍යාලයේ පස්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි දනුක ලක්ෂාන් නමැති දරුවායි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2023 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්