කැලණිය විහාරයේ බිතුසිතුවම් ඉන්දියාවේත්
Related Articles
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ඉන්දියාවේ විදේශ කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ මධ්‍යම රාජ්‍ය අමාත්‍ය Meenakshi Lekhi විසින් ශ්‍රී ලංකාවට අයත් ඓතිහාසික සිතුවම් පෙළක් නිරාවරණය කර තිබෙනවා.
එමගින් නිරූපනය වන්නේ සංඝමිත්තා තෙරණිය සහ මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමයි.
අදාළ සිතුවම් දෙක, කීර්තිමත් ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පී සෝලියස් මෙන්ඩිස් මහතා විසින් කැලණිය රජමහා විහාරයේ අඳින ලද බිතුසිතුවම් දෙකක අනුරූ දෙකක් බවයි පැවසෙන්නේ.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.