මැරතන් තරගයක් අතරතුර 10 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Related Articles
කැකිරාව පලාගල කුඩා හෙටිට්යාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක මැරතන් තරගයක් අතරතුරදී දස හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි.
පොලීසිය ප්‍රකාශ කළේ අද (22) පෙරවරුවේ පැවති මැරතන් ධාවන තරගය සඳහා සහභාගී වූ සිය වැඩිමහල් සහෝදරයාට සහාය දැක්වීමට පසුපසින් දිවගිය එම දරුවා මාර්ගයේ ඇද වැටී ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාවල පලාගල ගුණතිලකගේ දණුක ලක්ෂාන් නමැති වයස අවුරුදු 10 ක දරුවෙකි. ඔහු පලාගල මහා විදුහලේ පස්වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන බව පොලිසිය පවසයි.