ඩෙල්ෆ් ජැටිය ආසන්නයේ නිවසක් තුළ 05 දෙනෙක්ව කපා කොටා ඝාතනය කරයි
Related Articles
යාපනය ඩෙල්ෆ් ජැටිය ආසන්නයේ නිවසක සිටි පස් දෙනෙකු ඝාතනය කර තවත් කාන්තාවකට තුවාල සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන් හදුනාගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා.
පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් 3 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී අදාල නිවස තුළම ඝාතනය කර තිබෙනවා. බරපතල තත්ත්වයේ පසුවූ කාන්තාවක ප්‍රතිකාර සදහා රෝහල් ගත කෙරුණා. ඊයේ රාත්‍රියේ හා අද උදෑසන අතර කාලයේදීයි මෙම ඝාතන සිදුව තිබෙන්නේ.
මෙම ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
ඩෙල්ෆ් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.