උෂ්ණාධික කාලගුණ තත්ත්වය ගැබිනි මවුවරුන්ට අවදානම්
Related Articles
දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද දිනයේද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මාර්තු සිට අප්‍රේල් දක්වා කාලයේදී වාර්ෂිකව මෙරට උෂ්ණත්වය ඉහළ යාම සිදුවනවා.
ඒ අනුව මේ දිනවල දිවයින තුළ උෂ්ණාධික කාලගුණ තත්ත්වයකුයි පවතින්‌නේ.
මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව උතුරු , උතුරු මැද , නැගෙනහිර ,වයඹ පළාත්වල මෙන්ම මොණරාගල , හම්බන්තොට ,රත්නපුර යන දිස්ත්‍රික්කවලටද අද දිනයේද උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා.
මිනිස් සිරුරට දැඩිව දැනෙන උණුසුම් කාලගුණය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙම උෂ්ණාධික කාළගුණ තත්වය හමුවේ ජනතාව නිරන්තරයෙන් රෝගී තත්ත්වයන්ට ලක්වන බවයි.
මෙම තත්ත්වය යටතේ මානසික රෝග ඇති පුද්ගලයින්ට මෙන්ම මානසික රෝග නැති පුද්ගලයින්ටද බලපාන බවයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ප්‍රකාශ කරන්නේ.
මේ අතර විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා අධික උණුසුම් කාලගුණයෙන් දරු ප්‍රසූතියට සිටින ගැබිනි මවුවරුන්ට වන අවදානම පිළිබඳව අදහස් ප්‍රකාශ කළා.