fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිතුමාගේ සහ විපක්ෂ නායකතුමාගේ රාමසාන් දින පණිවුඩය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2023 12:04

අගමැතිතුමාගේ සහ විපක්ෂ නායකතුමාගේ රාමසාන් දින පණිවුඩය

මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර අලුත් සද දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය අද සමරන්නවා.

කොළඹ පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයින පුරා ආගමික වතාවත් පැවැත්වුණා.

ඉස්ලාමිය දින දර්ශනයේ නව වන මාසය රාමසාන් මාසයයි.

රාමසාන් උපවාසය නිමාවට පත්වීමත් සමග පළමු සඳ දැකීමෙන් පසු ඊදුල් ෆීතර් රාමසාන් උත්සවය දැඩි භක්තියෙන් සැමරීම ඉස්ලාම් බැතිමතුන් සිදුකරන්නේ ප්‍රීතිමත් බවෙන් යුක්තවයි.

ශ්‍රී ලාංකිකයින් නෝම්බි යනුවෙන් හදුන්වන්නේ මෙම රාමසාන් උපවාස සමයයි.

දුප්පතුන්ට සහ ඥාතින්ට දානමාන දීම් හා පරිත්‍යාග ලබාදීම සිදුකිරීම යුතුකමක් බවයි ශුද්ධවූ අල් කුරානයේ සඳහන් වන්නේ.

ඉස්ලාම් බැතිමතුන් අනුගමනය කල යුතු ධර්ම කරුණු පහෙන් එකක් ලෙසද  එය සැළකෙනවා.

රටේ පාලන ක්‍රියාවලියට, ව්‍යාපාරික , අධ්‍යාපන ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට මුස්ලම් ප්‍රජාව ලබා දෙන සක්‍රිය දායකත්වය සම්බන්ධයෙන් ප්‍රණාමය පල කළ යුතු බව රාමසාන් වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

අතිශ්‍යය අසීරු ඉලක්ක සාර්ථ කරගනිමින් සිටින වර්ථමානයේ ඒ සඳහා මුස්ලිම් ප්‍රජාවගේ කැපවීම විශේෂ වන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මානව සංහතියේ ප්‍රගතිය මෙන්ම සංහිදියාවේ මාවත උදෙසා ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම  අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාමසාන් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඇති නැති පරතරය අවම කර සියලු දෙනා වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරනා අවස්ථාවක් ලෙස ද මෙම උත්සවය හදුන්වාදිය හැකි බවයි විපක්ෂ නායකවරයා කියා සිටින්නේ.

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානවල ආගමික වතාවත් සිදු කෙරුණා.

දිවයින පුරාම සැමරුම් උත්සව පැවති බවයි අපවාර්තාකරුවන් සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2023 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්