fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීණ කලාශිල්පි අභාවප්‍රාප්ත ලූවි වැන්ඩස්ට්‍රාටන්ගේ අවසන් කටයුතු හෙට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2023 12:18

ප්‍රවීණ කලාශිල්පි අභාවප්‍රාප්ත ලූවි වැන්ඩස්ට්‍රාටන්ගේ අවසන් කටයුතු හෙට

ප්‍රවීණ කලාශිල්පි අභාවප්‍රාප්ත ලූවි වැන්ඩස්ට්‍රාටන් මහතාගේ දේහය අගුලාන වෙරළ පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට හෙට රැගෙන යාමෙන් පසු මොරටුව දේවස්ථානයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ,නිෂ්පාදකවරයෙකු ,තිරකතා රචකයෙකු සහ ගී පද රචකයෙකු වු ඒ මහතා චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර දැඩි කතාබහට ලක් වු චරිතයක්.

බිදුණු හදවත් , පෙම් කුරුල්ලෝ , බෝනික්කා , මව්බිම නැත්නම් මරණය , ජූරිය ඔබයි, ඇගේ වෛරය 1,2,3,4 , අපි බය නෑ , කහා වියරූ ආදී චිත්‍රපට 34ක් පමණ ඒ මහතා අධ්‍යක්ෂණය කර තිබෙනවා.

ලූවි වැන්ඩස්ට්‍රාටන් මහතා නිර්මාණය කර රන් කිරුළ, පැරෂුට් ,පිවිතුරු චේනතා ගෙනදෙයි වාසනා සහ සූර්යා වීරයා යන චිත්‍රපට ඉදිරියේ දී තිරගත වීමට නියමිතයි. ඔහු සම්මානීත ඉංග්‍රිසි නවකතාකරුවෙකු ද වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2023 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්