fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික අක්ෂි රෝහලේ කටයුතු ලබන සඳුදා සිට සාමාන්‍ය තත්වයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 20:07

ජාතික අක්ෂි රෝහලේ කටයුතු ලබන සඳුදා සිට සාමාන්‍ය තත්වයට

ජාතික අක්ෂි රෝහලේ කටයුතු ලබන සදුදා සිට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවට විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා.

අක්ෂි රෝගීන් සදහා ලබාදුන් ඖෂධයක් හේතුවෙන් ඇති වු සංකූලතා මත පසුගිය 14වන දා සිට එම රෝහලේ සාමාන්‍ය ශල්‍යකර්ම සිදු කිරීම නවතා දැමුවා.

ජාතික අක්ෂි රෝහලේ සාමාන්‍ය ශල්‍යකර්ම සිදු කිරීම පසුගිය 14වන දා සිට නතර කර තිබෙනවා.

ඒ අක්ෂි රෝගීන් සදහා ලබාදුන් ප්‍රේඩ්නිසොලෝන් නැමැති ඖෂධය හේතුවෙන් සංකූලතා හටගත් බවට ඇති වු සැකයක් මුල්කරගෙනයි.

ඒ අනුව මේ වන විට එහි සිදු කෙරෙනුයේ හදිසි ශල්‍යකර්ම පමණයි.

කෙසේ වෙතත් ලබන සදුදා සිට ජාතික අක්ෂි රෝහලේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි අප කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කලේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 20:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්