fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෙසින් භාවිතයෙන් විසිතුරු භාණ්ඩ නිෂ්පාදන කරන්න කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් පුහුණු වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 17:52

රෙසින් භාවිතයෙන් විසිතුරු භාණ්ඩ නිෂ්පාදන කරන්න කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් පුහුණු වැඩසටහනක්

කෘතිම රෙසින් භාවිතයෙන් විසිතුරු නිෂ්පාදනයන් කිරීමේ පුහුණු වැඩසටහන – කළුතර
කෘතීම රෙසින් වර්ග භාවිතා කර විවිධ ආකාරයේ විසිතුරු නිර්මාණයන් කිරීමට හැකිය.
නමුත් තවමත් ලංකාව තුල මෙම ක්ෂේත්රයේ නිෂ්පාදනයන් එතරම් ප්රචලිත නොමැත.
ඉතා කුඩා පරිමාණයේ නිෂ්පාදනයන්ගේ සිට විශාල පරිමාණ නිර්මාණයන් කිරීමේ හැකියාවක් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොලට නිෂ්පාදනයන් පහසුවෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් පවතී.
නිර්මාණශීල හා චිත්රකලා හැකියාව ඇති පුද්ගලයින්ට මෙය ඉතාම අගනා අවස්ථාවකි.
විවිධ මෝල්ඩ් ආශ්රයෙන් නිෂ්පාදනයන් කල හැකි බැවින් ඕනෑම පුද්ගලයෙකුට වූවද මෙම ක්ෂේත්රයට පිවසිය හැකිය. අඩු ආයෝජනයකින් නිවසේ සිට ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කල හැකි වීම සහ අමතර ආදායම් මාර්ගයක් වශයෙන් ආරම්භ කිරීමට ඉතා සුදුසු අවස්ථාවකි.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කළුතර දිස්ත්රික් කාර්යාලය මගින් මෙම නිෂ්පාදනයන් ආශ්රිත පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කර ඇත.
දිනය – 2023 මැයි මස 18 සහ 19
වේලාව – පෙ.ව.8.30 – ප.ව. 4.00
ස්ථානය – කළුතරදී
ලියාපදිංචි වීම සඳහා👇
(2023 මැයි මස 15 වන දිනට පෙර මුදල් ගෙවා ඔබේ සහභාගීත්වය තහවුරු කරන්න)
මුදල් ගෙවීම සඳහා👇
ලියාපදිංචි වීමේ ගාස්තුව – 4500/-
ගිණුම් අංකය – 074791255
ගිණුමේ නම – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
බැංකුව – ලංකා බැංකුව ( ඉඩම ශාඛාව – මොරටුව)
වැඩසටහන් පිළිබඳ විස්තර දැනගැනීම සඳහා වට්ස්ඇප් ගෲප් එක හා සම්බන්ධ වීමට 👇
සැ.යු. -: මුදල් ගෙවීමෙන් පසු රිසිට් පතෙහි “රෙසින් වැඩසටහන- 2023.05.18/19” ලෙස සටහන් කර ඔබේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ද ඇතුලත් කර 0729810113 වට්ස්ඇප් අංකයට ලැබීමට කටයුතු කරන්න.(මෙම කරුණු සටහන් කර රිසිට්පත එවීම අනිවාර්ය වේ.)
විමසීම්
0342222601 / 0760762901
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
අංක 1සී ශාලාව,
නව වෙළඳ සංකීර්ණය,
බඩු ගබඩා පාර,
කළුතර දකුණ.
ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්