fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිව්දරු මවක ඝාතනය කර රන් මාලය සහ කරාඹු ජෝඩුව සොරා ගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 16:13

සිව්දරු මවක ඝාතනය කර රන් මාලය සහ කරාඹු ජෝඩුව සොරා ගනී

ලිඳුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ තම දියණියගේ නිවසේ රැඳී සිටි සිව්දරු මවක් ඝාතනය කර ඇය පැළඳ සිටි රන් මාලය සහ කරාබු යුවල සොරාගෙන ගොස් ඇති බව ලිඳුල පොලීසිය පැවසිය.

මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්ගඩාසලම් සත්‍යභාමා නැමති 68 හැවිරිදි  සිව්දරු මවයි.

තලවකැලේ ආගරපතන ප්‍රදේශයේ තවත් දියණියෙකුගේ නිවසේ පදිංචිව සිටි මරණකාරිනිය මිට දින කිහිපයකට ප්‍රථම ලිදුලි වොල්ට්‍රිම් වතුයායේ බාල දියණියගේ නිවසට පැමිණ ඇති අතර, අද දින උදැසන දියණිය සහ බැනා රැකියාව සඳහා පිටව යාමෙන් අනතුරුව නිවසේ රැඳී සිටි මිණිබිරියද නිවසින් බැහැර ගිය අවස්තාවේ නිවසට ඇතුල් වු කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දි ඇය ඝාතනය කර රන් ආභාරණ සොරාගෙන ගොස් ඇති බවට ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය සැකකරයි.

ඝාතනය සම්බන්ධයෙන් ස්ථාන පරික්ෂාව සිදු කල නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයා ලිදුල පොලිසියට නියෝග කර සිටියේ සිරුර පශ්චාර මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසත්, සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්