ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන්
Related Articles
2022-2023 වසර සදහා වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙක් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් පවසයි.
2022-2023 වසර සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති,
සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසිය.
ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් (21) දින ඒ බැව් කියා සිටියේ ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නිලධාරින් දැනුවත්
කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති විශේෂ රැස්විමකදිය.
මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් කියා සිටියේ වෙසක් පොහෝ දින අවසන් වන තෙක් ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැකි බවත්,
2023.05.06 දින ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජමාවත , රත්නපුර කුරුවිට
මාර්ගය, නල්ලතන්නිය බගවන්තලාව මාර්ගය සහ නල්ලතන්නිය ලක්ෂපාන හරහා අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රාජමහා
විහාරස්ථානය දක්වා පෙරහැරවල් හතරකින් වැඩම කරවා එදින රාත්‍රි ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ විශේෂ පිංකම් රැසක් පවත්වන බවයි.
එම පිංකම් පැවැත්විමෙන් අනතුරුව වැඩම කරවන ලද සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ 2023.05.07 දින අලුයම ශ්‍රි පාද වන්දනා
වාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන බවයි.
මේ රටේ වැඩිම කාලයක් වන්දනා කල හැකි එකම පුජනිය ස්ථානය ගෞතම ශ්‍රි පාදස්ථානය බවත්, ශ්‍රි පාද අවාරයේදි හැටන් මාර්ගය ඔස්සේ දිවා කාලයේ පමණක්
ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට වන්දනාකරුවෙකුට අවශ්‍ය නම් ඒ සදහා නල්ලතන්නිය පොලිසියෙන් ලියාපදිංචි වි පරිසරය රැක ගනිමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන
ලෙසත් හැකිතාක් දුරට අවාරයේදි ශ්‍රි පාදය කරුණා නොකරන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
තවද ශ්‍රි පාදස්ථානය කෙන්ද්‍ර කරගනිමින් සිදු කරන සංවර්ධන කටයුතු හෝ පරිසර වැඩසටහන් තමන් ඇතුළු ඒ සදහා පත් කර ඇති කමිටුව දැනුවත් කර සිදු කරන ලෙසත්,
එසේ දැනුවත් කිරිමකින් තොරව ශ්‍රි පාදස්ථානය කෙන්ද්‍ර කරගනිමින් කිසිදු කටයුත්තක් සිදු කිරිමට ඉඩ ලබා නොදෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ.
මෙම සාකච්ඡාවට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ , ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ , ලක්ෂපාන යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරින් මේජර් ගිහාන් බණ්ඩාර , හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතා ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.