fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ගෝලීය ගැටලුවලට විසදුම් සපයන බව ඉන්දීය අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 14:59

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ගෝලීය ගැටලුවලට විසදුම් සපයන බව ඉන්දීය අගමැති පවසයි

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ගෝලීය ගැටලුවලට විසදුම් සපයන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

අගමැති මෝදි දිල්ලියේ පැවති ගෝලීය බෞද්ධ සමුළුවේ ආරම්භක සමුළුව අමතමින් මේ බව කියා සිටියා. ඔහු වැඩිදුරටත් පවසන්නේ බුද්ධ දර්ශනයෙන් ආභාෂය ලබා ගනිමින් මිනිසුන් සහ ජාතීන් තම අවශ්‍යතා සමග ගෝලීය අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි. බුදුන් වහන්සේගේ ධර්මයේ ආභාෂය ලබමින් ඉන්දියාව ගෝලීය සුබසාධනය සදහා මුල පිරීම පටන් ගනිමින් සිටින බව නරේන්ද්‍ර මෝදි තවදුරටත් කියා තිබෙනවා. අභියෝග සදහා ඇති එකම විසදුම බුදුන්වහන්සේගේ ධර්ම මාර්ගය බවයි ඔහු පවසන්නේ. මෙම ගෝලීය බෞද්ධ සමුළුව සදහා රටවල් 30ක නියෝජිතයින් එක්ව සිටියා. මේ සදහා කීර්තිමත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ රාජතාන්ත්‍රිකයන් එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2023 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්