උප පොලිස් පරීක්ෂකවරුන් 189 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය කළුතර පොලිස් විද්‍යාලයේදී
Related Articles
උප පොලිස් පරීක්ෂකවරුන් 189 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය කළුතර පොලිස් විද්‍යාලයේදී පැවැත්වුණා.
විසිරයාමේ උත්සවය පැවැත්වුණේ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
මෙම පිරිසට පොලිස් පරික්ෂකවරුන් 167 දෙනෙකු හා පරික්ෂකවරියන් විසි දෙදෙනෙකු ඇතුලත් වනවා.
එහිදී දක්ෂතම ආධුනික උප පොලිස් පරික්ෂකවරයා ලෙස චරිත් රජීව ද දක්ෂතම ආධුනික උප පොලිස් පරික්ෂකවරිය ලෙස තිළිණි සිරිවර්ධන ද සම්මාන දිනාගත්තා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක , පොලිස්පති සී ඩී වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.