ගාල්ල වලහන්දූව රාජ්‍ය වතු යායේ අක්කර 100ක භූමි ප්‍රදේශයක් පුරා පැළ සිටුවීමේ වැඩසටහනක්
Related Articles
අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකතට අනුව සෑම ප්‍රදේශයකම පාහේ පැළ සිටුවීම සිදු කෙරුණා.
ගාල්ල වලහන්දූව රාජ්‍ය වතු යායේ අක්කර සීයක භූමි ප්‍රදේශයක් පුරා පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.
ඒ අමාත්‍ය රමේෂ් පතිරණ,රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
තේ, පොල් , රබර් හා කුරුදු යන වගාවන් සදහා මෙහි අක්කර විසිපහ බැගින් වෙන්කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා පෙරමුණේ සාමාජිකාවන්ට කුරුදු පැළ බෙදා දීමේ උත්සවයක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි මෙය සිදු කෙරුණේ.
කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නීතීඥ නුවන් සොමිරත්න , බෙන්තර ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නීතිවේදී නෙවිල් ඉගලවිතාන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.